බිරිඳ සමග අමනාප වී ගිය සැමියාගේ මළ සිරුර වෙළඳසැලක් අසල - Hiru News

බිරිඳ සමග අමනාප වී ගිය සැමියාගේ මළ සිරුර වෙළඳසැලක් අසල - Hiru News
බිරිඳ සමග අමනාප වී ගිය සැමියාගේ මළ සිරුර වෙළඳසැලක් අසල එප්පාවල කටියාව ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට තිබී සැක කටයුතු ලෙසට මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කටියාව යාය 9 ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිදරු පියෙක්. ඔහු කම්කරුවෙකු ලෙසට රැකියාවේ නිරතවන බව සඳහන්. අද (28) උදෑසන වෙළඳසැල හිමිකරු වෙළඳසැල විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ මළ සිරුර දැක ඒ පිළිබඳ පොලිසියට දැනුම්දී තිබෙනවා. මෙම පුද්ගලයාගේ බිරිඳ ප්‍රකාශකර ඇත්තේ සැමියා දින කිහිපයකට පෙර තමා සමග බහින්බස්වී නිවසින් පිටව ගිය අතර යළිත් නිවසට නොපැමිණි බවයි. ඔහු වෙනත් අයෙකුගේ නිවසේ නැවතී කුලී වැඩ කරමින් සිටි බව ද ඇය සඳහන් කර තිබෙනවා. මෙය ඝාතනයක් ද නැතහොත් ස්වභාවික මරණයක් ද යන්න මෙතෙක් අනාවරණ කරගෙන නැහැ. සිද්ධිය පිළිබඳ එප්පාවල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews


Comments