14ක් රෝහලට යැවූ අනතුර - Hiru News

14ක් රෝහලට යැවූ අනතුර - Hiru News
14ක් රෝහලට යැවූ අනතුර තිස්සමහාරාම හතේ කණුව ආසන්නයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුලු 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තිස්සමහාරාම සිට කතරගම දක්වා ධාවනය වූ වෑන් රථයක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක් ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ. ටිපර් රථයේ ගමන් කර ඇත්තේ ද කතරගම වන්දනාවේ ගොස් පැමිණෙමින් සිටි පිරිසක්. අනතුරින් කාන්තාවන් 5 දෙනෙකු සහ කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුලු 14 දෙනෙකු තුවාල ලබා තිස්සමහාරාම රෝහලට ඇතුලත් කෙරුනා. ඔවුන්ගෙන් 4 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වෑන් රථයේ රියදුරා සහ ඔහුගේ බිරිඳ ද ඒ අතර වන බව සඳහන්. අනතුරට ලක්වූ වෑන් රථයේ පැමිණි පිරිස කලුතර දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ටිපර් රථයේ පැමිණි පිරිස ගිරාඳූරුකෝට්ටේ පදිංචි පිරිසක්. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews


Comments