ගමක් හඬවමින් කාන්තාවන් 3කට දිවි අහිමි කළ මාරක අනතුර - Hiru News

ගමක් හඬවමින් කාන්තාවන් 3කට දිවි අහිමි කළ මාරක අනතුර - Hiru News
ගමක් හඬවමින් කාන්තාවන් 3කට දිවි අහිමි කළ මාරක අනතුර අනුරාධපුරය - තලාව ප්‍රදේශයේදී අද අලූයම සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අලූයම 4.30 ට පමණ තලාව - මොරගොඩ - සුනාමි මංසන්ධියේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. තඹුත්තේගම සිට අනුරාධපුර දෙසට ධාවනය වූ වෑන් රථයක් සහ අනුරාධපුරයේ සිට තඹුත්තේගම දෙසට ධාවනය වූ දහයියා පැටවූ ලොරියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරෙන් තුවාල ලැබූ වෑන් රථයේ ගමන් ගත් තවත් තුන්දෙනෙකු රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළා. ලොරි රථයේ රියදුරු සහ සහයකයන් දෙදෙනාද මෙහිදී තුවාල ලබා ඇති අතර, මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් ගල්නෑව ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් තුන්දෙනෙක්. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews


Comments