ලොරියක තැනූ රහස් කුටියක සඟවා ප්‍රවාහනය කළ දේ - Hiru News

ලොරියක තැනූ රහස් කුටියක සඟවා ප්‍රවාහනය කළ දේ - Hiru News
ලොරියක තැනූ රහස් කුටියක සඟවා ප්‍රවාහනය කළ දේ ලොරියක රහසිගතව සකස් කළ කුටියක රඳවා ප්‍රවාහනය කරමින් තිබූ දැව තොගයක් සමග සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපත්‍ර නොමැතිව රහසිගතව දැව තොගයක් ප්‍රවාහනය කරන බවට ආරච්චිකට්ටුව පොලිසියට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ සවස හලාවත කොක්කාවිල ප්‍රදේශයේදී වැටලීම සිදුකර ඇත්තේ. ඒ අනුව සැක කටයුතු ලොරියක් නවතා කළ පරීක්ෂාවේදී එහි දැව ප්‍රවාහනය කරන බවට හෙළිවී තිබෙනවා. එම ලොරිය තුල සූක්ෂමව සකස් කළ විශේෂ කුටිය තුල විවිධ ප්‍රමාණයේ ලෑලි 43ක් ගබඩා කර තිබු බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම දැව හලාවත සිට වෙන්නප්පුව දක්වා ප්‍රවාහනය කරමින් සිටි බව අත්අඩංගුවට ගත් සැකකරු ප්‍රකාශකර තිබෙනවා. මෙම දැව කුමන වර්ගයකට අයත් ද යන්න සහ එහි වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ. වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි සැකකරු සහ දැව තොගය හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews


Comments