ඉංග්‍රීසියෙන් බණ දේශනා කොට සිහිනය සැබෑ කරගත් ගමේ පන්සලේ හාමුදුරුවෝ - Hiru News

ඉංග්‍රීසියෙන් බණ දේශනා කොට සිහිනය සැබෑ කරගත් ගමේ පන්සලේ හාමුදුරුවෝ - Hiru News
ඉංග්‍රීසියෙන් බණ දේශනා කොට සිහිනය සැබෑ කරගත් ගමේ පන්සලේ හාමුදුරුවෝ - Hiru News අති දුෂ්කර ගම්මානයක විහාරස්ථානයේ වැඩ හිඳිමින් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගෙන ලෝකය පුරා වැඩම කරමින් ඉංග්‍රීසියෙන් බණ කියා තම ගමේ විහාරස්ථානයේ රුපියල් මිලියන 30ක් වියදමින් ගමේ දරුවන්ට ඉංග්‍රීසි දමිළ පරිගණක අධ්‍යාපනය නොමිලේ ලබා දෙන්න වෙර දරන අපූරු භික්ෂූන් වහන්සේ නමක් ගල්කිරියාගම උල්පතගම සාක්‍යසිංහාරාමය විහාරස්ථානයේ වැඩ සිටිති. දෙසැම්බර් 28 දින මෙම තමන්ගේ අරමුණ ගමේ ජනතාවට දායාද කිරීමේ උතුම් පිංකම මේ වනවිටත් සූදානම් කරමින් පවතින බව උන්වහන්සේ අප සමඟ පැවසූහ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෙළවරක පිහිටි පලාගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගල්කිරියාගම උල්පතගම පිහිටි ශාක්‍යසිංහාරාමය වැඩසිටින අඹන්පොල විනීත හිමියන් මෙම අපූරු කළගුණ සැලකීමේ පිංකම සහ ප්‍රදේශයේ දරිද්‍රතාවයෙන් යුතු දරුවන් ලෝකයට හඳුන්වා දීමේ මාහැඟි වැඩසටහනට අත ගසා තිබේ. මීට වසර ගණනාවකට ඉහතදී උන්වහන්සේගේ කුඩා අවධියේ බණ්ඩාරවෙල පාලිත හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ ගල්කිරියාගම ශාක්‍යසිංහාරාමය ට වැඩම කළ උන්වහන්සේ දැඩි දුෂ්කරතා මධ්‍යයේ අධිෂ්ඨාන ඇතිකර ගෙන වන අලින් ගහනව ජිවිත අවධානම ඇතිව නිසි ලෙස ඉංග්‍රීසි භාෂාව ඉගෙනගත් බවත් භාෂා නිපුනත්වය මත විදේශ රටවල් රැසකට ගොස් ඉංග්‍රීසි භාෂාවෙන් බුදුදහම පිළිබඳව එම ජනතාවට ධර්මය දේශනාකොට ලැබුණු දහම් පඬුරු ආධාර තම ගම්මානයේ වෙසෙන දරුවන්ට ඉංග්‍රීසි භාෂාව උගන්වා ඔවුන් පරිගණක දැනුමෙන් වර්ධනය කිරීම තම අරමුණු සිදු කරගෙන තිබුණු බව එම අරමුණ මෙම 28 වන දින සාර්ථක වන බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ. ධර්ම දේශනා කොට ලබාගත් රුපියල් මිලියන 30ක මුදලක් වියදමින් ඉදිකෙරුණු දෙමහල් ගොඩනැගිල්ල ලබන 28 වන දින විවෘත කෙරෙන බවත් ඊට සමගාමීව ලබන විසි එක් වන දින සිට පුරා දින හතක් මෙම විහාරස්ථානයේ පින්කම් මාලාවක් සිදු කිරීමටද උන්වහන්සේ බලාපොරොත්තුවන බව සඳහන් කළහ. එමෙන්ම අධ්‍යාපනය ලබන දරු දැරියන් සියයකට ගැබිණි මව්වරුන් සියයකට වැඩිහිටියන් පනස් දෙනෙකුට සහ ආබාධිත පුද්ගලයන්ට ආධාර උපකාර කිරීම 28 වන දින සිදුකෙරෙන බවද උන්වහන්සේ පෙන්වා දෙති. වසර ගණනාවක සිට තමන්ගේ අධිෂ්ඨානය සඵල කරගැනීම සඳහා මේ දිනවල ගල්කිරියාගම නම් වූ වන අලින්ගෙන් ගහන ව පිහිටි සාක්‍යසිංහාරාමය කලඑළි කිරීමේ කටයුතු යුහුසුළුව සිදු කෙරෙති. Subscribe now : https://goo.gl/XQSvGv Watch more : https://www.youtube.com/c/HiruNewsOfficial Hiru News Sri Lanka's Number One News Portal. Website: www.hirunews.lk Follow Us On Like us on Facebook: https://ift.tt/2qmUf5F Follow us via Tweeter: https://twitter.com/hirunews Follow us via G+: https://ift.tt/2r7pT4h Subscribe Now: https://www.youtube.com/user/hirunews


Comments